← Back to All News
Article Feature Image
📅 Published on October 01, 2026

ලෝක ළමා දින සැමරුම - 2026 | Worlds Children Day - 2026

දරුවන්ගේ අයිතිවාසිකම් හා සුබසාධනය සම්බන්ධ ජාත්‍යන්තර අවධානය වර්ධනය වූයේ වැදගත් පියවර කිහිපයක් ඔස්සේය. 1924 දී ජිනීවාහිදී දරුවාගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශය සම්මත විය. පසුව 1959 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දරුවාගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශය සම්මත කරන ලදී. 1989 නොවැම්බර් 20 දින දරුවාගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRC) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලදී. එම නිසා නොවැම්බර් 20 ලෝක ළමා දිනය ලෙස ජාත්‍යන්තරව සැමරේ.
ශ්‍රී ලංකාවේ සෑම වසරකම ඔක්තෝබර් 1 වන දින ළමා දිනය සමරනු ලබන අතර, දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ සමාජ අවධානය වැඩි කිරීම එහි ප්‍රධාන අරමුණු අතර වේ. 2026 වසර සඳහා සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 1 දක්වා ජාතික ළමා දින සතියක් ද ප්‍රකාශයට පත් කර ඇත.
සෑම දරුවෙකුටම තැනක් ඇති ලෝකයක්
මානසිකව ශක්තිමත් දරුවන්ගේ ලෝකයක්
සිහින දැකීමට හා ඒවා සැබෑ කිරීමට හැකි ලෝකයක්!
අද අපි එක්ව ගොඩනඟමු !
අපගේ සියලුම ආදරණීය දරු දැරියන්ට සුභ ළමා දිනයක් වේවා!
The international movement for children’s rights developed through important milestones. The Geneva Declaration of the Rights of the Child was adopted in 1924. The United Nations adopted the Declaration of the Rights of the Child in 1959, and on 20 November 1989, the UN General Assembly adopted the Convention on the Rights of the Child (CRC). 20 November is observed internationally as World Children’s Day, highlighting children’s rights, well-being and participation.
In Sri Lanka, Children’s Day is celebrated on 1 October every year with national programme focusing on children’s rights, protection, education, health and well-being. For 2026, the Government has also approved a National Children’s Day Week from 25 September to 1 October.
Today, let us create a world where every child belongs, every child is heard, and every child has the opportunity to grow with confidence and strength.
Happy Children’s Day to all our wonderful children!
#HappyChildrensDay2026 #ChildrensDay #InclusionForEveryChild #MentallyStrong #ChildrenEmpowered #HRCC #HanwellaRajasingheCentralCollege #WithFaithAndStrength