News & Announcements

Article Thumbnail
📅 Aug 09, 2026

උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේ ආදරණීය දූ පුතුන්ට සුබ පැතුම්!

ආදරණීය දූ පුතුනි,

ඔබගේ පාසල් ජීවිතයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයකට ඔබ අද පැමිණ සිටී. වසර ගණනාවක් පුරා ඔබ කළ කැපවීම, මහන්සිය, අභියෝග හමුවේ නොසැලී ඉදිරියට ගිය ගමනේ ප්‍රතිඵලය පෙන්වීමට දැන් ඔබට අවස්ථාව ලැබී ඇත.

විභාගය යනු ඔබගේ ජීවිතයේ අවසාන ඉලක්කය නොව, ඔබගේ අනාගතයට විවෘත වන තවත් එක් දොරටුවක් පමණි. එබැවින් විභාග ශාලාවට පිවිසෙන්නේ විශ්වාසයෙන්, සන්සුන් මනසකින් සහ ධනාත්මක ආකල්පයකින් යුතුවයි.

ඔබ දන්නා දේ පැහැදිලිව හා නිවැරදිව ලියන්න. කාලය නිසි ලෙස කළමනාකරණය කරන්න. අභියෝගාත්මක ප්‍රශ්නයක් හමුවුවහොත් කලබල නොවී, මොහොතක් සිතා බලා ඔබගේ උපරිම හැකියාවෙන් පිළිතුරු සපයන්න.

ඔබගේ ගමනට ශක්තිය ලබාදුන් ඔබගේ දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ ඔබ වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ගෞරවය හා කෘතඥතාව පළ කරමින්, ඔබගේ සිහින සැබෑ කර ගැනීමට ඉදිරියට යන්න.

ඔබට ඔබ ගැන විශ්වාස කරන්න.
ඔබේ හැකියාව විශ්වාස කරන්න.
ඔබේ මහන්සිය විශ්වාස කරන්න.

ඔබ සැමට සාර්ථක ප්‍රතිඵලයක් ලැබී, ඔබ බලාපොරොත්තු වන උසස් අධ්‍යාපන හා වෘත්තීය මංපෙත් විවර වේවා!

ඔබේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා!
විභාගයට පෙනී සිටින ඔබ සැමට අපගේ හෘදයාංගම සුබ පැතුම්!

ඔබට ජයග්‍රහණය ලැබේවා!

“අද කරන කැපවීම – හෙට දිනන අනාගතයයි.”

Article Thumbnail
📅 Aug 02, 2026

ජනාධිපති බාලදක්ෂ ලිපි ප්‍රධානෝත්සවය-2026/08/01

ජනාධිපති බාලදක්ෂ පදක්කම සමත් වූ බාලදක්ෂයන් සදහා ලිපි ප්‍රධානොත්සවය ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ලසන්ත මනොජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන එම් .ඩී දිනෙත් සත්සර හා එච් .චතුමිණි චමොද්‍යා පීරිස් යන සිසූ සිසුවියන් ජනාධිපති බාලදක්ෂ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්ව ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු. මෙම සිසු සිසුවියන් දෙදෙනාම වත්මන් ශිෂ්‍ය නායක මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයන් ද වේ. එම සිසු සිසුවියන්ගේ ඉදිරි අධ්‍යාපන ගමනට විද්‍යාලයීය අපගේ උණුසුම් සුබ පැතුම් මෙසේ එක් කර සිටිමු..

Article Thumbnail
📅 Jul 31, 2026

අ.පො.ස උසස්පෙළ (2026-2028) නවක සිසුන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන (2026-07-30)

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය 2026-2028 අ.පො.ස උසස්පෙළ සිසුන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහනේ දෙවන දින වන අද දින (2026-07-30) ශ්‍රී ලාංකික ජ්‍යේෂ්ඨ මනෝ විද්‍යා හා වෘත්තිය මාර්ගෝපදේශ උපදේශකවරයකු ,දේශකවරයකු හා සම්පත් දායකයකු වන, ජාතික නිර්මාණ මණ්ඩලයේ(National Design Center) හිටපු සභාපති, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ(Sri Lanka Foundation Institution) හිටපු පුහුණු අංශ ප්‍රධානී, රත්මලාන විශ්ව විද්‍යායතනයේ(University College of Rathmalana) ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයවර්ධන මහතා සහ මනෝවිද්‍යා උපදේශක සහ මනෝචිකිත්සක, විද්‍යාලයීය ශිෂ්‍ය මාර්ගෝපදේශ ආචාර්‍ය නිසංසලා වික්‍රමනායක මහත්මියගේ මෙහෙයවීමෙන් නවක සිසු සිසුවියන් වෙනුවෙන් පැවැත්වූ වෘත්තීය මාර්ගෝපදේශ හා පෞරුෂ සංවර්ධන වැඩමුළුව...

Article Thumbnail
📅 Jul 18, 2026

සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය - 2026

කලාප මට්ටමේ තරඟ ප්‍රතිඵල සටහන - බස්නාහිර පළාත (හෝමාගම) 2026
තරග ශීර්ෂය : පද්‍ය ගායනා
6 ශ්‍රේණිය
දෙවන ස්ථානය : එම්.ඒ. හිරුදි සෙනුල්යා
7 ශ්‍රේණිය
ප්‍රථම ස්ථානය : එම්. සනුදි සිතංගා
8 ශ්‍රේණිය
දෙවන ස්ථානය : එම්.කේ.එන්. සන්දිව්
ප්‍රථම ස්ථානය : ඩි.ආර්.කේ පාරමී

තරග ශීර්ෂය : නිවේදන
10 ශ්‍රේණිය
දෙවන ස්ථානය : එච්. සඳිති මලීෂා
ප්‍රථම ස්ථානය : ටී.ඩි.ඒ උමේෂ් මෙත්සිලු
11 ශ්‍රේණිය
දෙවන ස්ථානය : සී.ජේ.එම්.ආර්.ටී. රත්නායක
12/13 ශ්‍රේණි
තෙවන ස්ථානය : ආර්.ඒ.ඩි.ඩි. නිමාෂා සඳරුවනි
ප්‍රථම ස්ථානය : ඒ. චමුදි අභිෂේකා විජේරත්න
තරග ශීර්ෂය : කථික
6 ශ්‍රේණිය
ප්‍රථම ස්ථානය : කේ. බිහංසා යෝෂිනි
9 ශ්‍රේණිය
තෙවන ස්ථානය : ඒ. වී. ඕ. වින්සඳ
දෙවන ස්ථානය : කේ.වී.එන්. සදෙව් විජේසිංහ
10 ශ්‍රේණිය
දෙවන ස්ථානය : එච්.එස්. මලීෂා
11 ශ්‍රේණිය
තෙවන ස්ථානය : එච්.කේ.එස්. චන්දුල
12/13 ශ්‍රේණි
දෙවන ස්ථානය : ඩබ්.පී. රේනුල රෙහාන්
ප්‍රථම ස්ථානය : ආර්. ඒ. ඩි. ඩි. නිමාෂා සඳරුවනි

මෙම ජයග්‍රහණ ලද සිසු දරු දැරියන්ටත් ඔවුන් ඒ වෙනුවෙන් මෙහෙයවූ විද්‍යාලයීය සිංහල භාෂා ආචාර්ය මණ්ඩලයටත් විද්‍යාලයීය අප සැමගේ උණුසුම් සුබපැතුම් !!

Article Thumbnail
📅 Jul 17, 2026

ප්‍රායෝගික තාක්ෂණ කුසලතා 8/9 ශ්‍රේණි ප්‍රායෝගික පරීක්ෂණය - 2026

දෙවන වාර විභාගය 2026 ප්‍රායෝගික තාක්ෂණ කුසලතා 8/9 ශ්‍රේණිවලින් ප්‍රායෝගික පරීක්ෂණයේ දක්ෂතා දැක්වූ රාජසිංහයේ අනාගත ව්‍යවසායකයින්
https://web.facebook.com/share/r/1CseDvxYTX/